Thursday, May 7, 2009

AtulaSiriwardane



AtulaSiriwardane

Kasmadumala

දුරලා වෛරය ක්‍රෝධය
වඩවා මෛත්‍රිය සිතින්
පතුරා දයාව...
සියලු සතුනට එක සිතින්
පරදා මාර සේනා
කරුණා ගුණෙන්.....
සමිද ඔබ
එකළු කළා ලොවම සමඟියෙන්...........



G2H

වෙසක් පුර හඳ පායාවි හෙට
පොලෝ තලයෙහි අඳුර දුරු කොට,
අපේ බුදු හිමි දෙසූ බණ පද
සිසිල කැන්දයි රිදුන සිත් වෙත.....


පුදමි බැතියෙන් මේ කුසුම් මිට
තබා පිරිසුදු බුදුන් අභියස,
මියෙන ජීවිත සසර ගමනෙක
සිහිරමි මේ කූසුම් මෙන් වග....


පහන් සිල දැල්වී ලෙලෙන සඳ
එලය විහිදා අඳුර දුරුකොට,
පතමි දිනයෙක එමඟ යන්නට
මේ භවේ නැති උනත් පින් මට....

wick321



wick321

Amalka





Wednesday, May 6, 2009