Tuesday, May 5, 2009

Amalka

මෙත් කරුණා ගුන කිරණයි වෙසක් සඳින් ගලන්නේ
සිත් නිවනා බුදු වදනයි සැම සිත් තුල රැදෙන්නේ
මතු පතනා නිර්වානය වෙත අප පිය මනින්නේ
සම්මා සම්බුදු හිමියනි යළි මනු ලොව වඩින්නේ

බුදු හිමිගේ පා පහසින් නිර්මල ලක් මවු තුරුලේ
ඉපදී හැදුනෙමි වැඩුනෙමි උත්තම මිනිසුන් අතරේ
රට දැය වෙනුවෙන් යුතුකම් ඉටු කරනා සිතිවිල්ලේ
සැදැහැ සිතින් බුදු හිමිගේ ගුණ ගයනෙමි සැනසිල්ලේ

තුන් දොර දමනය කර ඇරි අටගි මගේ දිවි ගෙවමි
බුදු මග අගයන දරුවන් ඇසුරම සැමදා පතමි
නිර්මල ධර්මය ලක්දිව රැකගන්නට වෙර දරමි
මතු ඉපදෙන සසර පුරා ලක් මවු තුරුලම පතමි

කුලුනු ගුනෙන් යුතු රහතුන් වැඩි යුගයන් පතන්නයි
කෙලෙස් නැසූ උතුමන් වසනා යුගයන් දකින්නයි
මෙතේ බුදුන් දැක නිවනේ දොරගුලු හැම හරින්නයි
සම්මා සම්බුදු හිමියනි යලි මනු ලොව වඩින්නයි

No comments:

Post a Comment