Tuesday, May 5, 2009

wick321

සුගත තථාගත අනුබුදු අභිමුව
දොහොත් මුදුන් දී වැඳ බැති බරවම
යදිමි යොමනු වස් කරුනාබර නෙත්
ගිනි ගෙන දැවෙනා ළෝසත වෙත මෙත්


බළ ලෝභය වෙනුවෙන් ගැහෙනා සිත්
සනසාලනු මැන කරුණා සුවඳින්
කුහක කමින් තම සොයුරන් නසනා
ලෝ දන සනසනු මෙත් බුදු බලයෙන්


රාගී හැඟුමින් මුසපත් ගැතියන්
නොතකා තම දියණිය සොයුරිය වත්
කෙලෙසන ලෝකය සුවපත් කල මැන
මෙත් කරුණා මුදිතා බුදු බලයෙන්

wick321

No comments:

Post a Comment